වර්ෂ 1959 N.P.ධර්මසිරි බලල්ල මහතා පළමු මුල් ගුුවරයා ලෙස පත්වෙමින් දුවන් 6 දෙනෙකුගෙන් යුතුව තාවකාලික ගොඩනැගිල්ලකින් මෙම විදුහල ආරම්භ විය. ගජනැග්ගම ප්‍රදේශයේ පාසල් දරැවන්ට පාසල් යාමටනොහැකිව සිටි නිසා ප්‍රදේශයේ වැඩිහිටියන් ඒ්ක්ව මෙම පාසල ආරම්භ කරන ලදි.
එවකට පැවති ග්‍රාම සංවර්ධන සමිතිය ක්‍රියාත්මක වෙමින් ඒහි සභාපති ඒ්.මලලරත්න මහතා ද ලේකම් පොඩි අප්පුහාමි මහතා ද මෙම පාසල ආරම්භ කිරීමේ ප්‍රජා නායකයන් විය. ඒහි අනුශාසකත්වය දැරුවේ ප්‍රදේශයේ බුද්ධිමතෙකු වූ කේ.බී.බලල්ල මහතා ය. ඒන්.බී. ධර්මසිරි බලල්ල මැතිතුමා පළමු මුල් ගුරුවරයා ලෙස මෙම පාසලේ සේවය කළ අතර ඩබ්.ටිකිරි මැණිකේ මහත්මිය මෙම පාසලේ පළමු ගුරු මාතාව විය.
මෙම පාසල ආරම්භ කිරීමට දායක වූ සත්පුරුෂයින් ලෙස කේ.බී.බලල්ල මහතා,ඒ්.මලලරත්න මයා,අ අප්පුනයිදේ මයා, බන්ඩිරාල මයා,සිරිමල්ලා මහතා, හේරත්හාමි මහතා, ලපයා නයිදේ මහතා, මාර්ටින් මයා, මුතුකුමාරණ මයා, පෑලිස් මයා, පීටර් මයා, හීන් බංඩා මයා, ටිකිරි අප්පු මයා,බිළිදා මයා, පොඩි අප්පුහාමි මයා, ඩිංගිරි බංඩා මයා, සී.සයිමන් මයා, අවුසදහාමි මයා, ලොකු රණා මයා කටයුතු කරන ලදි.
වර්ෂ 1972 දී මෙම විදූහල ගජනැග්ගම කණිෂ්ඨ විද්‍යාලය ලෙස ආරම්භ වෙමින් 1 ශ්‍රේණියේ සිට 10 ශ්‍රේණිය දක්වා පංති ආරම්භ විය. 1996.08.28 දින ඒ්.ඒම්.ජිනදාස විදුහල්පතිතුමාගේ මගපෙන්වීම යටතේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.බී.ඒ්කනායක මැතිතුමාගේ අනුග්‍රහයෙන් මෙම පාසල මහා විද්‍යාලයක් බවට පත් විය.
විභාග ප්‍රතිඵල මෙන්ම විෂය සමගාමී කටයුතු හා විෂය බාහිර කටයුතු වලින් මහව අධ්‍යාපන කලාපය තුළ මෙම පාසල අද්විතීය ස්ථානයකට පත්වීමත් සමග අධ්‍යාපන අමාත්‍ය්‍යාංශය යටතේ ක්‍රියාත්මක වූ ඉංග්‍රීසි ප්‍රවර්ධන පාසලක් වශයෙන් ඒ්.ඒම්.ඒස්.කේ.අතපත්තු විදූහල්පතිතුමාගේ මෙහෙයවීම යටතේ ගජනැග්ගම Light House School යනුවෙන් පියවරක් තබන ලදි.







