ගජනැග්ගම මහා විද්‍යාලය

ශිෂ්‍ය නයක නිල ලාංඡන පැළඳ වීම 2025

page-header-1900x320.jpeg
whatsapp-image-2025-02-25-at-06.33.08_70f134681.jpg
IMG_1914.jpeg

විදුහල්පති පණිවිඩය

ආර්.අයි.බී.යු.ජයසේන මයා

ආර්ථික අපහසුතා රැසකින් හා විවිධාකාර වූ සාමාජයීය ගැටලු රැසකින් ප්‍රජාවක් සහිත, ගජනැග්ගම මහා විද්‍යාලයේ ප්‍රමුඛතම ප්‍රතිලාභීන් වන දරු දැරියන්ගේ ගුණ නුවණ වඩා, හසුරු කුසලතාවයන්ගෙන් පිරි සමාජයක් ගොඩනැංවීම අපගේ අරමුණ කරගෙන කටයුතු කරමු.  21 වන සියවසේ ගෝලීය සමාජ වාතාවරණයට විවෘත වන අපගේ දූ පුතුන්ට අත්‍යවශ්‍ය ඉංග්‍රීසි ,තොරතුරු තාක්ෂණ හා උසස් බුද්ධිමය කුසලතා ලබාදෙන විද්‍යා හා ගණිත ඥාණය ලබා දීමෙහිලා වැඩි අවධානයක් යොමු කරමු. දැනුම පමණක් පදනම් කරගත් සමාජයක් නොව සමාජයීය කුසලතා ,අගයයන් හා හර පද්ධතීන් ප්‍රායෝගීකකරණය වන පරිදි විෂය සමගාමී කටයුතු හා සැගවුණ විෂය මාලාවේ අංගයන් ක්‍රියාත්මක කිරීමද සිදුකරමින් සිටිමු. ගජනැග්ගම විද්‍යාලයේ සියලු දරුවන් ප්‍රාදේශීය සමාජයීය,ගෝලීය සියලු අභියෝග හමුවේ නොසැලෙන සාරථක පුරවැසියන් පිරිසක් වනු දැකීම අපපගේ ඒකායන බලාපොරොත්තුවයි. ඒ සදහා සොබාදහමේ ආශිර්වාදයද අපේක්ෂා කරන්නෙමු.

ආර්.අයි.බී.යු.ජයසේන මයා
විදුහල්පති
ව/ම/ම ගජනැග්ගම ම/වි.