වර්ෂ 1959 N.P.ධර්මසිරි බලල්ල මහතා පළමු මුල් ගුවරයා ලෙස පත්වෙමින් දුවන් 6 දෙනෙකුගෙන් යුතුව තාවකාලික ගොඩනැගිල්ලකින් මෙම විදුහල ආරම්භ විය.සමාගම් පාසලක් ලෙස එසෙ ආරම්භවූ මෙම විදුහල 1961 දී ප්‍රාථමික පාසලක් බවට පත්විය.
1950 වර්ෂය වනවිට මෙම ප්‍රදේශයේ දුවන්ට පහසුවෙන් යා හැකි පාසලක් මෙමප්‍රදේශයේ නොතිබුණි. මහව දෙසට බලල්ල මහා විද්‍යාලය වාරියපොල දෙසට ශ්‍රී සුමංග මහා විද්‍යාලය පමනක් මෙම ප්‍රදේශයේදරැවන්ටයා හැකි පාසල් තිබුන ද මෝසම් වර්ශා කාලයේ දී දැදුරැ ඔයත් තලගල්ලේ ඇළත් පිටාරගැලීම හේතු කොට ගෙන ගජනැග්ගම ප්‍රදේශයේ පාසල් දරැවන්ට පාසල් යාමටනොහැකිව සිටි නිසා ප්‍රදේශයේ වැඩිහිටියන් ඒ්ක්ව මෙම පාසල ආරම්භ කරන ලදි.
එවකට පැවති ග්‍රාම සංවර්ධන සමිතිය ක්‍රියාත්මක වෙමින් ඒහි සභාපති ඒ්.මලලරත්න මහතා ද ලේකම් පොඩි අප්පුහාමි මහතා ද මෙම පාසල ආරම්භ කිරීමේ ප්‍රජා නායකයන් විය. ඒහි අනුශාසකත්වය දැරුවේ ප්‍රදේශයේ බුද්ධිමතෙකු වූ කේ.බී.බලල්ල මහතා ය. ඒන්.බී. ධර්මසිරි බලල්ල මැතිතුමා පළමු මුල් ගුරුවරයා ලෙස මෙම පාසලේ සේවය කළ අතර ඩබ්.ටිකිරි මැණිකේ මහත්මිය මෙම පාසලේ පළමු ගුරු මාතාව විය.
මෙම පාසල ආරම්භ කිරීමට දායක වූ සත්පුරුෂයින් ලෙස කේ.බී.බලල්ල මහතා,ඒ්.මලලරත්න මයා,අ අප්පුනයිදේ මයා, බන්ඩිරාල මයා,සිරිමල්ලා මහතා, හේරත්හාමි මහතා, ලපයා නයිදේ මහතා, මාර්ටින් මයා, මුතුකුමාරණ මයා, පෑලිස් මයා, පීටර් මයා, හීන් බංඩා මයා, ටිකිරි අප්පු මයා,බිළිදා මයා, පොඩි අප්පුහාමි මයා, ඩිංගිරි බංඩා මයා, සී.සයිමන් මයා, අවුසදහාමි මයා, ලොකු රණා මයා කටයුතු කරන ලදි.
වර්ෂ 1972 දී මෙම විදූහල ගජනැග්ගම කණිෂ්ඨ විද්‍යාලය ලෙස ආරම්භ වෙමින් 1 ශ්‍රේණියේ සිට 10 ශ්‍රේණිය දක්වා පංති ආරම්භ විය. 1996.08.28 දින ඒ්.ඒම්.ජිනදාස විදුහල්පතිතුමාගේ මගපෙන්වීම යටතේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.බී.ඒ්කනායක මැතිතුමාගේ අනුග්‍රහයෙන් මෙම පාසල මහා විද්‍යාලයක් බවට පත් විය.
විභාග ප්‍රතිඵල මෙන්ම විෂය සමගාමී කටයුතු හා විෂය බාහිර කටයුතු වලින් මහව අධ්‍යාපන කලාපය තුළ මෙම පාසල අද්විතීය ස්ථානයකට පත්වීමත් සමග අධ්‍යාපන අමාත්‍ය්‍යාංශය යටතේ ක්‍රියාත්මක වූ ඉංග්‍රීසි ප්‍රවර්ධන පාසලක් වශයෙන් ඒ්.ඒම්.ඒස්.කේ.අතපත්තු විදූහල්පතිතුමාගේ මෙහෙයවීම යටතේ ගජනැග්ගම Light House School යනුවෙන් පියවරක් තබන ලදි.
සිසුන් 6 දෙනෙකුගෙන් ද තාවකාලික පොල් අතු මඩුවකින් ද මුල් ගුරු හා ඒක් ගුරුවරයෙකුගෙන් ද ආරම්භ වූ මෙම පාසල වත්මනයේ භෞතික හා මානව සම්පත් අතිිි පරිවර්තනයකට ලක් වී ඇත. ඒ් අනුව ප්‍රාථමික අංශයේ සිසුන් 183 ක් ද ද්විතීයික අංශයේ සිසුන් 318 ක් ද ජ්‍යෙෂ්ඨ අංශයේ සිසුන් 35 ක් ද අධ්‍යාපනය ලබති. විදුහල්පති නියෝජ්‍ය විදුහල්පතිවරු දෙදෙනෙක් ද අංශ ප්‍රධානීන් 4 දෙනෙකු ද සමස්ථ ආචාර්ය මණ්ඩලය 58 කින් ද අනධ්‍යයන කාර්ය මණ්ඩලය 6 දෙනෙක් ද මෙම පාසලේ දියුණුවට ඇප කැප වී ඇත.වර්ෂ 2024 වන විට වයඹ පලාතේ කීර්තිමත් පාසලක් වනු දැකීම ඒ්කායන බලාපොරොත්තුව වන්නේ ය.
|
ආරම්භ කළ වර්ෂය |
1959 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
01 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
06 |
|
මුල් ගුරුතුමාගේ නම |
එන්.බී.ධර්මසිරි බලල්ල මහතා |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
ගජනැග්ගම මහා විද්‍යාලය |
|
පාසල රජයට පවරාගත් දිනය |
1955 ඔක්තෝම්බර් 15 |
|
පාසල පැවැත්වූ ස්ථානය |
ගජනැග්ගම |
|
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
ආනන්ද බාලරත්න |
|
ප්‍රථම ශිෂ්‍යයාවගේ නම |
කේ.ඩී.ලැයිසා |







